ශීතකරණය යටට අත දැමූ කුඩා දරුවා විදුලි සැර වැදී මරු දුටු දික්වැල්ලේ ඛේදවාචකය

නිවසේ දී බිම වැටුණු පැන්සලක් හෝ වෙනත් යමක් ගැනීමට ශීතකරණය යටට අත දැමූ 07 හැවිරිදි පාසල් දරුවෙකු විදුලි සැර වැදීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වීමේ පුවතක් දික්වැල්ල, දන්දෙණිය ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙසේ මරණයට පත් වූයේ මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි හේවාගමගේ යසිත් නකුල් යශෝධන නැමැති 07 හැවිරිදි දරුවෙකි.
සිද්ධිය වාර්තා වන ආකාරයට, ඔහුගේ අතේ තිබු පැන්සලක් හෝ වෙනත් යමක් බිමට වැටී, එය ශීතකරණය යටට විසි වී ගොස් ඇති අතර, එය ගැනීමට දරුවා ශීතකරණය යටට අත දැමූ අවස්ථාවේ එහි ඇලුමිනියම් පටිය ස්පර්ශ වීමෙන් දරුවාට විදුලි සැර වැදී තිබේ.
එම නිවසේ පැරණි විදුලි පද්ධතියක් පැවතීම නිසා විදුලි සැර වැදුණු අවස්ථාවේ නිවසේ විදුලිය විසන්ධි වීමක් සිදු වී නොමැති හෙයින් මෙම දරුවාට ජීවිතයෙන් සමුගැනීමට සිදුව ඇති බව වාර්තා වේ.
අවාසනාවන්ත ලෙස ජීවිතයට සමු දුන් පුංචි යසිත් ගේ අවසන් කටයුතු ඊයේ (26) දින සවස සිදු කෙරිණි.
324 Views
Comments