QR මගින් ඉන්ධන අලෙවිය ඉහළට

පසුගිය සතිය තුළ ඉන්ධන අලෙවි කිරීමේදී ජාතික ඉන්ධන අලෙවිය සහ ඉන්ධන අවසරපත් QR කේතය මගින් ඉන්ධන ලබා දීම සැලකිය යුතු ප්‍රමාණයකින් වර්ධනය වී ඇත.
පෙර සතියේ QR කේතය මගින් ඉන්ධන අලෙවිය අඩු මට්ටමක තිබූ ඉන්ධන පිරවුම්හල් 66 ක් තාවකාලිකව අත්හිටුවීමෙන් පසු 60% කට පමණ තිබූ QR කේතය මගින් ඉන්ධන අලෙවිය 80% කට වඩා ඉහළ වර්ධනයක් ලබා ඇති බවට වාර්තා වේ.
උත්සව සමයේ පවතින ඉන්ධන ඉල්ලුම් අනුව ඉදිරි දින කිහිපය වෙනුවෙන් දෛනික ඉන්ධන බෙදා හැරීම වර්ධනය කර ඇති අතර මේ අනුව දෛනිකව පෙට්‍රල් 92 මෙට්‍රික් ටොන් 4650 ක් සහ ඔටෝ ඩීසල් දෛනිකව මෙට්‍රික් ටොන් 5500 ක් නිකුත් කර බෙදා හරිනු ලබයි.
284 Views
Comments