සිපෙට්කෝව බෙල්ලටම හිරවෙයි, ණය කපා ගනී යැයි බියෙන් බැංකු 08කට මුදල් නොදමන්නැයි පිරවුම්හල්වලට දන්වයි

ඉන්ධන පිරවුම්හල් හිමියන් විසින් ඉන්ධන තොග ඇනවුම් කිරීමේ දී මෙතෙක් මුදල් ගෙවන ලද රාජ්‍ය බැංකුවකට මුදල් නොගෙවන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දී තිබේ.
ඉන්ධන පිරවුම්හල් හිමියන් විසින් ඉන්ධන තොග ඇනවුම් කිරීමේ දී මෙතෙක් මුදල් ගෙවන ලද රාජ්‍ය බැංකුවකට මුදල් නොගෙවන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දී තිබේ.
එම නියෝගය අනුව රාජ්‍ය බැංකුවේ ගනුදෙනු කරුවන් වන පිරවුම්හල් හිමියන්ට බරපතල ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවී ඇති බවද ඔවුන් කියා සිටිති.
තෙල් සංස්ථාව විසින් මෙම රාජ්‍ය බැංකුවට විශාල ණය මුදලක් ගෙවීමට ඇති නිසා එම බැංකුවට මුදල බැර කල පසු ණය අයකර ගැනීමට කටයුතු කිරීම මත ගිණුම් මාරු කිරීම සිදුව ඇති බවද පිරවුම්හල් හිමියන් කියති.
ඉන්ධන අත්පිට මුදලට ලබා ගැනීම සඳහා මුදල් තැන්පත් කිරීමට දිවා කාලයේ බැංකුවට යාම දැඩි අවදානම් තත්ත්වයක් බවත් පවසන පිරවුම්හල් හිමියන් තම මූල්‍ය කටයුතු පාලනය කරගත නොහැකි සංස්ථාවේ බලධාරීන් පිරවුම්හල් හිමියන්ට වසර හැට දෙකක් පුරා ක්‍රියාත්මක වූ මුදල් ගෙවීමේ පහසුකම් අත්හිටුවා ඇති බවටද චෝදනා කරති.
263 Views
Comments