සාමාන්‍ය පෙළ සිසුවෙක් අතුරුදහන්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
19

සාමාන්‍ය පෙළ සිසුවෙක් අතුරුදහන්

සාමාන්‍ය පෙළ සිසුවෙක් අතුරුදහන්

කෝට්ටේ ප්‍රදේශයේ පාසලක මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත පාසල් ශිෂ්‍යයකු පසුගිය නව වන දා සිට අතුරුදහන්වී ඇති බව වාර්තා වනවා.

ඉකුත් නව වන දා අදාළ සිසුවා නිවසේ රැඳී සිටියදී ඔහුගේ මිතුරන් දෙදෙනෙකු නිවසට පැමිණ ඇත්තේ ජංගම දුරකථන අලුත් වැඩියාවක් සදහා අදාළ සිසුවාගේ හැදුනුම්පත ඇපයට තබා ඇති බැවින් එය ලබා ගැනීමට ඔහුව රැගෙන යාමටයි.

ඉන්පසුව තිදෙනාම නිවසින් බැහැරට ගොස් ඇති අතර රාත්‍රී 10 පමණ වන තෙක් ම අදාළ දරුවා නිවසට නොපැමිණීම හේතුවෙන් දෙමාපියන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

අතුරුදන් වූ දරුවා මිතුරන් සමඟ අදාළ කාර්ය සිදුකර මාකුඹුර බෝගහ අසලට පැමිණ පාදුක්ක සිට පිටකොටුව දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයකට නගින ආකාරය සීසීටීවී දර්ශන වල සඳහන් වුවත් දරුවා මේ දක්වා නිවසට පැමිණ නැහැ. 

views

289 Views

Comments

arrow-up