උත්ඝෝෂණ කරන සෞඛ්‍ය සේවකයන්ට හෙණ හතක් ගහල මදි.- ඇමති රෝහිත

සෞඛ්‍ය අංශයේ වැඩ වර්ජනයේ නිරතවන සෞඛ්‍ය සේවකයන්ට හෙන 7ක් ගැසිය යුතු බවට අපහසුතාවයට පත් ජනතාව සඳහන් කරන බවත් හෙන 7ක් නොව දහස් සංඛ්‍යාත හෙන ගැසිය යුතු බවට තමා සඳහන් කරන බවත් වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසනවා.
ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා වැඩවර්ජන සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා ලෙස අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන බව අපරාධ නඩු විධාන සංග්‍රහය(සංශෝධන) පනත් කෙටුම්පත ඇතුලු පනත් කෙටුම්පත් කිහිපයක් සම්බන්දයෙන් අද දෙවන දිනටත් පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
636 Views
Comments