රාජ්‍ය ඇමති අරුන්දික ඉල්ලා අස්වෙයි - පුතා රක්ෂිත බන්ධනාගාරයට

රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරය තුල සිදු වූ පහර දීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගැනුණු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා ඇතුළු 6 දෙනා මේ මස 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.
මෙම පහරදීම සම්බන්ධයෙන් අවින්ද රන්දිල ජෙහාන් ප්‍රනාන්දු නැමැති 23 හැවිරිදි රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා අත්අඩංගුවට ගැනුණේ ඊයේ රාත්‍රියේ ඔහු නීතිඥයෙකු මාර්ගයෙන් රාගම පොලිසියට භාර වීමෙන් අනතුරුවයි.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අවසන් වන තුරු තමා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කළා.
ඒ ජනාධිපතිවරයා ධූරයෙන් ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දීමත් සමඟයි.
784 Views
Comments