නිරෝධායන කාලය අඩුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
27

නිරෝධායන කාලය අඩුවෙයි

නිරෝධායන කාලය අඩුවෙයි

කොරෝනා ආසාදිතයින් සඳහා මෙතෙක් පැවති දින 14 නිරෝධායන කාලය දින 07ක් දක්වා අඩුකරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

 

ඒ අනුව පී.සී.ආර් හෝ ඇන්ටිජන් පරීක්ෂණයකින් ආසාදිතයෙක් බවට පත්වූවෙක් නිවසේ හෝ රෝහල් ගතව නිරෝධායනය වී සිටියදී පැය 48ක් ඇතුළත කිසිදු ඖෂධයක් නොගෙන සිට හෝ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වයි නම් ඔවුනට පී.සී.ආර් හෝ ඇන්ටිජන් පරීක්ෂණය කළ දින සිට දින 07කට පසු නිරෝධායනය අවසන් කළ හැකිය.

 

එසේම එන්නත් තුනම ලබාගෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූවකුගේ සමීප ආශ‍්‍රිතයෙක් ආසාදිතයෙක් වුවහොත් පූර්ණ එන්නත්කරණයට ලක්වී ඇති අය නිරෝධායනයට ලක් නොවී සාමාන්‍ය කටයුතුවල නිරත විය හැකිය.

 

කෙසේවුවද යම් රෝග ලක්ෂණ පෙන්වයිනම් වහාම පී.සී.ආර් හෝ ඇන්ටිජන් පරීක්ෂාවකට යොමු විය යුතුය.

 

එන්නත් දෙකක් ලබා ඇති හෝ එන්නත් ලබා නැති අයෙකුගේ සමීප ආශ‍්‍රිතයෙක් ආසාදනය වුවහොත් දින 07ක නිරෝධායනයකින් පසු සිදුකරන පී.සී.ආර් පරීක්ෂාවක් හෝ ඇන්ටිජන් පරීක්ෂාවකින් ආසාදිතයෙක් නොවන බවට තහවුරු වුවහොත් නිරෝධායනය අවසන් කළ හැකිවේ.

views

732 Views

Comments

arrow-up