හදිසි මිලදී ගැනීම් යටතේ ඖෂධ වර්ග 160 ක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
29

හදිසි මිලදී ගැනීම් යටතේ ඖෂධ වර්ග 160 ක්

හදිසි මිලදී ගැනීම් යටතේ ඖෂධ වර්ග 160 ක්

හදිසි මිලදී ගැනීම් යටතේ ඖෂධ වර්ග 160 ක් ගෙන්වීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

 

සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කරන්නේ, ඖෂධ හිඟය මාස දෙකක් ඇතුළත මගහරවා ගැනීමට අවශ්‍ය මිලදී ගැනීම් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇති බවයි. 

 

මෙරටට ආනයනය කරන ඖෂධ වෙනුවෙන් සාමාන්‍යයෙන් මාස 06 ක කාලයක් ගතවන බැවින් හදිසි මිලදී ගැනීම් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව වෛද්‍ය සමන් රත්නායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

views

586 Views

Comments

arrow-up