නෙඩුන්කේනි පුරාවිද්‍යා භූමියේ දේව ප්‍රතිමා විනාශ කළැයි විරෝධතා
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
28

නෙඩුන්කේනි පුරාවිද්‍යා භූමියේ දේව ප්‍රතිමා විනාශ කළැයි විරෝධතා

නෙඩුන්කේනි පුරාවිද්‍යා භූමියේ දේව ප්‍රතිමා විනාශ කළැයි විරෝධතා

වව්නියාව, නෙඩුන්කේනි, වෙඩුක්කුනාරි පුරාවිද්‍යා ස්ථානයේ හින්දු බැතිමතුන් විසින් දේව ප්‍රතිමා තැන්පත් කොට වන්දනා කටයුතු සිදුකොට ඇති අතර කිසියම් පිරිසක් රහසිගතව පැමිණ අදාල දේව ප්‍රතිමා කඩා කැලයට විසිකොට දමා ඇතැයි ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරයි.

 

මෙම පුරාවිද්‍යා ස්ථානය 2013 වසරේදී නෙඩුන්කේනි වැසියන් පිරිසක් විසින් පිරිසිදු කොට ශිව දෙවියන්ගේ ප්‍රතිමාවක් තබා වන්දනාමාන සිදුකළද පසුව පුරාවිද්‍යා නිලධාරීන් පැමිණ සිදුකරන ලද පරික්ෂණ වලින් පසු එහි බෞද්ධ සිද්ධස්ථානයක නටබුන් පවතින බැවින් මෙය වඩුන්නාගල වශයෙන් නම් කෙරිණි.

 

කෙසේ නමුත් අදාල ස්ථානය හින්දු භක්තිකයින්ගේ වන්දනීය ස්ථානයක් බව ප්‍රදේශවාසීන් ඇතුළු  සංවිධාන කිහිපයකින් නැගුනු විරෝධතාවන් හේතුවෙන් 2021 වසරේදී වව්නියාව අධිකරණයේදී නඩුවක්ද ගොනු කොට ඇත.

 

මේ අතර වෙඩුක්කුනාරි ස්ථානයේ තිබූ දේව ප්‍රතිමා කඩා විනාශ කිරීමට එරෙහිව යාපනයේ හින්දු කෝවිල් පූජකවරුන්ගේ සංවිධානයක් මගින් විරෝධතාවක්ද යාපනය හින්දු විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී  පවත්වා ඇත.

 

අදාල ස්ථානයේ හින්දු දේව ප්‍රතිමා විනාශ කිරීම සමබන්ධයෙන් පරික්ෂණයක් සිදුකිරීමට නෙඩුන්කේනි පොලිසිය පියවර ගෙන ඇත.

views

202 Views

Comments

arrow-up