අවමගුලක දී තනි රෝදෙන් වැඩ පෙන්නයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
11

අවමගුලක දී තනි රෝදෙන් වැඩ පෙන්නයි

අවමගුලක දී තනි රෝදෙන් වැඩ පෙන්නයි

යතුරුපැදියක් තාප්පයක ගැටී සිදුවූ අනතුරකින් මියගිය තරුණයකුගේ අවමගුල් පෙරහරක තනි රෝදයෙන් සංදර්ශන සිදු කළ තරුණ පිරිසකට අවවාද කළ තිදරු පියෙකුට පෙරේදා (09) පස්වරුවේ හෙල්මට්වලින් සහ අතින් පයින් පහරදී ඇති සිද්ධියක් සම්බන්ධයෙන් වාද්දුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

 

 

ඉකුත් 7 වැනිදා පස්වරුවේ යතුරුපැදි අනතුරකින් මියගිය වාද්දුව, තල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි දුලාංජ හේෂාම් තරුණයාගේ අවසන් කටයුතු පෙරේදා (09) පස්වරුවේ වාද්දුව වේරගම පොදු සුසාන භූමියේ දී සිදුකරන ලදී.

 

 

එහිදී මෘත දේහයට අවසන් ගෞරව දැක්වීමට යැයි පවසමින් තරුණයින් පිරිසක් යතුරුපැදි තිහක පමණ පෙළපාළියකින් පැමිණ අනතුරුදායක අන්දමින් තනි රෝදයෙන් සංදර්ශන ඉදිරිපත් කර තිබේ.

 

 

ඒ දෙස බොහෝ පිරිසක් පිළිකුලෙන් යුතුව බලා සිට ඇතත් කිසිවකු විරෝධය දක්වා නොමැත. එහෙත් එහි රැඳී සිටී තිදරු පියෙකු එයට විරෝධතාව පළකර තිබේ.

 

 

එයින් උරණ වූ තරුණයන් පනහකට ආසන්න පිරිසක් විරෝධය දැක්වූ තිදරු පියාට අතින් පයින් සහ හෙල්මටිවලින් පහරදී ඇති බවත්, ප්‍රදේශයේ කිහිප දෙනෙක් විසින් ඔහු බේරාගත් බවත් සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

views

168 Views

Comments

arrow-up