එස්ටීඑෆ් බලඇණියක් සහිත ඇමතිවරයෙක් ගැන හෙළිදරව්වක්

විශේෂ කාර්ය බලකා සෙබළුන් 74 දෙනෙකු තම ආරක්ෂාවට එක්තරා අමාත්‍යවරයෙකු විසින් යොදවා ගනු ලැබ ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
කැබිනට් අමාත්‍යවරයෙකුට නියමිත ආරක්ෂක භටයන් සංඛ්‍යාව අතිශයයෙන්ම ඉක්මවමින් අතිරේකව මෙලෙස විශේෂ කාර්ය බලකා සෙබළුන් යොදවාගෙන සිටින බව වාර්තාවේ.
කැබිනට් අමාත්‍යවරයෙකු වෙත හිමිවන ආරක්ෂක නිලධාරීන් ගණන ප්‍රාදේශීය පොලිස් නිලධාරීන් දෙදෙනකු සහ විශේෂ ආරක්ෂක දිසාවේ නිලධාරීන් 07ක් ලෙස සම්පූර්ණ ගණන නවයක් වේ.
අග්‍රාමාත්‍යයවරයා සහ ජනාධිපතිවරයා වෙත විශේෂ ආරක්ෂාවක් සැලසුණද වර්තමානයේ පවතින ආරක්ෂක තත්ත්වය මත සාමාන්‍යයෙන් කැබිනට් අමාත්‍යවරයෙකුට මෙවැනි ආරක්ෂාවක් හිමි නොවේ.
පවතින තර්ජනවලට අනුව විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව සහිත අමාත්‍යවරුද සිටින බව පැවසෙන අතර ඔවුන්ටද මෙවැනි ආරක්ෂක භට පිරිසක් යොමු කර නැති බව වාර්තා වේ.
කුමන පදනමකින් මෙවැනි ආරක්ෂක නිලධාරීන් පිරිසක් එක් ඇමතිවරයෙකු වෙනුවෙන් යොදවා තිබීම පරිපාලනමය ගැටලු මෙන්න විවිධාකාර ගැටලු මතුකර ඇතැයි ආරංචිමාර්ග වැඩිදුරටත් ස්දහන් කරයි.
819 Views
Comments