මන්දකට හසුවී මිය ගිය කොටි දෙනකගේ සිරුරක් තේ වත්තකින් හමුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
22

මන්දකට හසුවී මිය ගිය කොටි දෙනකගේ සිරුරක් තේ වත්තකින් හමුවෙයි

මන්දකට හසුවී මිය ගිය කොටි දෙනකගේ සිරුරක් තේ වත්තකින් හමුවෙයි

මන්දකට හසුව මිය ගිය කඳුකර කොටියෙකුගේ සිරුරක් තේ වත්තක තිබි ඊයේ(21) දින සොයාගත් බව නල්ලතන්නිය වනජිවි කාර්යාලය පවසයි.

 

නොර්වුඩ් පොලිස් වසමට අයත් වෙන්චර් වත්තේ ඉහල කොටසේ තේ වත්තක අටවා තිබු මන්දකට හසුවි මෙම කඳුකර කොටියා මියගොස් ඇතැයි තම කාර්යාලය වෙත ලද තොරතුරක් අනුව මියගිය කඳුකර කොටියාගේ සිරුර සොයාගෙන තිබේ.

 

අවුරුදු 04 පමණ වයස වන හොඳින් වැඩුණු මෙම කඳුකර කොටියා ගැහැණු සතෙකු බවත්, කොටියාගේ බඳ ප්‍රදේශය මන්දට හසුවි දින ගණනාවක් තේ වත්තේම තිබි ඇති නිසා සිරුර නරක් වි තිබු බවද වාර්තාවේ.

 

තේ වත්තේ සතුන් දඩයම් කිරිමට අටවන ලද මන්දකට ගොදුරු සොයා පැමිණි කඳුකර කොටියා හසුවන්නට ඇතැයි වනජිවි නිලධාරි සැක පලකරයි.

 

මිය ගිය කඳුකර කොටියාගේ සිරුර හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ඒ. අයි. හෙට්ටිවත්ත මෙනවිය වෙත ඊයේ(21) දින ඉදිරිපත් කිරිමෙන් පසුව මිය ගිය කොටියාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා යොමුකර තිබේ.

views

714 Views

Comments

arrow-up