විනාඩි ගානට ඊෂිකෑස් ක්‍රමයට ගණිකාවන් විකිණූ තිප්පොළ වටලයි

ඊෂිකෑස් ක්‍රමයට ගණිකාවන් අලෙවි කළ ගණිකා මධ්‍යස්ථානයක් වැටලූ වැලිකඩ පොලිසිය කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවටගත් කාන්තාවන් දෙදෙනා රාගම හා කෑගල්ලේ පදිංචි වයස අවුරුදු 44 හා 22 යන වයස්වල පසුවන්නියන් බව පොලිසිය පවසයි.
මෙම ස්ථානය රාජගිරියේ ප්‍රදේශයේ තෙමහල් ගොඩනැගිල්ලක එක්මහලක් රුපියල් ලක්‍ෂයක් වූ කුලී පදනම මත ලබාගනිමින් සම්භාහන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගොස් ඇත.
අන්තර්ජාලය මඟින් දැන්වීම් පළකර දිනය හා කාලය වෙන්කරවා ගෙන මෙම මධ්‍යස්ථානය මගින් කාන්තාවන් සපයා ඇතැයි පොලිසිය කියයි.
විනාඩි 5 කට රු.500 ක්, විනාඩි 10 ක කාලක් සඳහා රු.1000 ක් විනාඩි 15 ක් සඳහා රු.2500 ක් හා වැඩි වන කාලසීමාවන් අනුව එම අය කිරීම් ඉහළ යන බවත් පොලිස් පරික්‍ෂණවලදී අනාවරණය වී තිබේ.
මෙයට පෙර අවස්ථා තුනකදීත් මෙම මධ්‍යස්ථානය වටලා කාන්තාවන් 11 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවත් කියයි.
මෙම ව්‍යාපාරය පවත්වාගෙන ගිය වැටලීම සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ නොසිටි අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්‍ෂණ ක්‍රියාත්මකයි.
982 Views
Comments