මාරක රිය අනතුරු කිහිපයකින් සිවුදෙනක් ජීවිතක්ෂයට

ගත වූ දිනයේදී සිදුවූ රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
ලිඳුල - තලවකැලේ මාර්ගයේ යතුරුපැදියක් යතුරුපැදිකරුට පාලනය කරගත නොහැකිව පෙරළී යාමෙන් 43 හැවිරිදි එම ප්‍රදේශයේ පදිංචි අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ තලංගම පොලිස් වසමේ අකුරේගොඩ ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගයේ පෙරළී යාමෙන් එහි යතුරුපැදිකරු මියගොස් පසුපැදිකරු බරපතල තුවාල ලබා ශ්‍රී ජයවර්ධන රෝහලට ඇතුළත් කර ඇත.
එමෙන්ම නොච්චියාගම පොලිස් වසමේ පුත්තලම - ත්‍රිකුණාමල මාර්ගයේ ලොරි රථ දෙකක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් අවුරුදු 46ක පුත්තලම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
මේ අතර වෙලම්බොඩ පොලිස් වසමේ කාර් රථයක් මාර්ගයේ ගමන්ගත් අයෙකුගේ ගැටී 80 හැවිරිදි කොටගල්ඔලුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇත
845 Views
Comments