අසාත් සාලි ගැන විමර්ශන අවසන් බව නීතිපති දැනුම්දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
14

අසාත් සාලි ගැන විමර්ශන අවසන් බව නීතිපති දැනුම්දෙයි

අසාත් සාලි ගැන විමර්ශන අවසන් බව නීතිපති දැනුම්දෙයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන සිටින බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් මාධ්‍ය හමුවක දී කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳව කළ විමර්ශන අවසන් වී ඇති බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

 

නීතිපතිවරයාමේ බව දැනුම් දුන්නේ තමන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා අසාත් සාලි මහතා විසින් ගොනුකර තිබූ පෙත්සම කැඳවූ අවස්ථාවේදීයි.

 

නීතිපතිවරයා වෙතට යොමුකර ඇති උධෘත පරීක්ෂාකර චෝදනා ගොනු කිරීමට ඇති හැකියාව පිළිබඳව තීරණය කරන බව නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළා.

 

කෙසේ නමුත් මාවනැල්ලේ බුදු පිළිමවලට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුට එල්ලවී ඇති චෝදනා පිළිබඳව තවමත් විමර්ශන සිදුවෙමින් පවතී.

views

936 Views

Comments

arrow-up