ගෑස් මිල වැඩි නොකිරීමේ තීරණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
21

ගෑස් මිල වැඩි නොකිරීමේ තීරණයක්

ගෑස් මිල වැඩි නොකිරීමේ තීරණයක්

ගෑස් මිල ඉහළ දැමීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ අමාත්‍ය අනුකමිටුව ගෑස් මිල ඉහළ දැමීමක් සිදු නොකළ යුතු බවට තීරණය කර තිබේ. 

 

ගෑස් සමාගම් විසින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමන ලෙස සිදුකර ඇති ඉල්ලීම් පිළිබඳ තීරණයක් ගැනීම සඳහා අමාත්‍ය අනුකමිටුව අද(21) පෙරවරුවේ රැස් වූ අතර එම අවස්ථාවේ ගෑස් මිල ඉහළ දැමීමක් සිදු නොකළ යුතු බවට තීරණයකල බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 

 

ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් විසින් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය වෙත අවස්ථා කිහිපයකදීම ඉල්ලීම් කර තිබුණි. 

 

කිලෝ ග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 670 කින් ඉහල දැමිය යුතු බවට එක් සමාගමක්ද අනෙක් සමාගම විසින් රුපියල් 575ක මිල වැඩි කිරීමක් ද ඉල්ලා තිබූ බව සඳහන්ය.

views

848 Views

Comments

arrow-up