මහරගම ප්‍රධානතම කසිප්පු මධ්‍යස්ථානයක් වටලයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
21

මහරගම ප්‍රධානතම කසිප්පු මධ්‍යස්ථානයක් වටලයි

මහරගම ප්‍රධානතම කසිප්පු මධ්‍යස්ථානයක් වටලයි

සංචරන සීමා ක්‍රියාත්මක කාලය තුළ මහරගම ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන පවත්වාගෙන ගිය කසිප්පු ජාවාරමක් නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් කොටු කරගෙන තිබේ.

 

නාවින්න ජයගත් පාරෙහි ගොඩනැඟිල්ලක් තුළ රහසිගතව සිදු වන මෙම ජාවාරම පිළිබඳව ලද තොරතුරකට අනුව දූෂණ මර්දන අංශයේ නිලධාරීන් එහි යන විටත් සැකකරු විසින් කසිප්පු පෙරීමේ නිරත වෙමින් සිට ඇත.

 

එහිදී වයස 48ක් වන සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් කටයුතු කර තිබුණි.

 

එහි තිබී ගොඩා ලීටර 500ක් හා ස්ප්‍රීතු ලීටර 15ක්ද සොයාගෙන තිබේ.

 

අත්අඩංගුට ගත් සැකකරු අද ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

views

1105 Views

Comments

arrow-up