QR නොතැකු ෂෙඩ් 32 කට තෙල් නැහැ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
20

QR නොතැකු ෂෙඩ් 32 කට තෙල් නැහැ

QR නොතැකු ෂෙඩ් 32 කට තෙල් නැහැ

ඉන්ධන නිකුත් කිරීමේ QR ක්‍රමවේදය උල්ලංඝනය කරමින් ඉන්ධන නිකුත් කළ දිවයිනපුරා ඉන්ධන හල් 32 ක් සඳහා ඉන්ධන සැපයීම වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

 

 

බලශක්ති අමාත්‍යාංශයේ නියමය පරිදි මෙම අත්හිටුවීම සිදු කොට ඇත.

 

 

ඉන්ධන අර්බුදය හමුවෙ හදුන්වා දුන් QR ක්‍රමවේදය උල්ලංඝනය නොකර ලෙසට අවස්ථා කිහිපයකදී ඉන්ධන හල් හිමියන් දැනුවත් කොට තිබු මෙය උල්ලංඝනය කරන ඉන්ධන හල් හිමියන් සොයා මෙහෙයුම් ද ක්‍රියාත්මක කොට තිබුණි.

 

 

ඒ අනුව දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඉන්ධන හල් 32 ක් සම්බන්ධයෙන් ලද පැමිණිලි වලට අනුව මෙම තාවකාලික අත්හිටුවීම සිදු කොට ඇත.

 

 

ඒ අනුව යළි දැනුම් දෙනතුරු එම ඉන්ධන හල් වෙත ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන නිකුත් කිරීමක් සිදු නොකරනු ලබන බවද තෙල් සංස්ථා උසස් නිළධරියකු සදහන් කළේය.

 

 


එසේම ඉන්ධන මිල සංශෝධනය වූ දින බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් අවශ්‍ය පරිදි ඉන්ධන ඇනවුම් නොකර සියයට 50 ක අවම ඉන්ධන තොග පවත්වා නොගිය ඉන්ධන හල් 618 ක හිමිකරුවන් සම්බන්ධයෙන් ද මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කොට ඇත.

 

 

ඔවුනට ද  අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ලංකාඛනිජ තෙල් නීතිගත සංස්ථාවට උපදෙස් ලබ දී තිබේ.

views

256 Views

Comments

arrow-up