දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම් බදු දීමේ සූදානමක්

දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් වල ආයෝජනය කිරීම සඳහා දේශීය සහ විදේශීය ආයෝජකයින්ට අවස්ථාව ලබාදෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටී.
අද (26) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම වැඩිකිරීම සඳහා ඔවුන් සතුව පවතින අක්කර 14,000 ක පමණ ඉඩම් වලින් පිටකොටුව, මරදාන, කොල්ලුපිටිය, බම්බලපිටිය, හික්කඩුව, ඇල්ල, ගම්පොළ, කටුනායක, කඩුගන්නාව වැනි ස්ථානවල තිබෙන ඉඩම් මෙලෙස සංවර්ධනය කිරීම සඳහා ආයෝජකයන් වෙත ලබාදීමට සැලසුමක් පවතින බවයි.
350 Views
Comments