ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්නැයි සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත පැමිණිල්ලක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ජාත්‍යන්තර සත්‍යය සහ යුක්තිය ව්‍යාපෘතියේ (ITJP) නීතීඥයින් සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත අපරාධ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව බව රොයිටර්ස් ජාත්‍යන්තර පුවත් සේවය වාර්තා කරයි.
ඒ 2009 වසරේ මෙරට සිවිල් යුද්ධ අතරතුර දී ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳ චෝදනා කරමිනි.
විශ්වීය අධිකරණ බලය මත පදනම්ව ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන්යෙන් සිංගප්පූරුවේ දී ඔහුට නඩු පැවරිය හැකි බව ජාත්‍යන්තර සත්‍යය සහ යුක්තිය ව්‍යාපෘතියේ නීතීඥයින් වැඩිදුරටත් පෙන්වා දෙයි.
249 Views
Comments