ආසාදිත ගාඩ්ලාගේ වැඩ ආවරණයට එස්.එම් ලා කැඳවයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
03

ආසාදිත ගාඩ්ලාගේ වැඩ ආවරණයට එස්.එම් ලා කැඳවයි

ආසාදිත ගාඩ්ලාගේ වැඩ ආවරණයට එස්.එම් ලා කැඳවයි

දුම්රිය නියාමකයන් පිරිසක් ‘කොවිඩ්’ ආසාදිතයන් බවට පත්වීම නිසා දුම්රිය අවලංගු කිරීමෙන් මගී ජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳව අවධානය යොමු කර දුම්රිය ස්ථානාධිපතිවරු දුම්රිය නියාමක සේවාවාර තාවකාලිකව ආවරණය කිරීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මහතා ඊයේ (2) පැවසීය.

 

 

මහනුවර දුම්රිය නියාමක කාර්යභාර නිලධාරීවරයාගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් දුම්රිය ගමන් වාර අවලංගු කිරීම අවම කරගැනීම සඳහා මෙම තීරණය ගත් බව කී කසුන් චාමර මහතා දුම්රිය නියාමක සේවාමුර සඳහා දුම්රිය ස්ථානධිපතිවරු යොදවා දුම්රිය සේවය අඛණ්ඩව පවත්වාගෙන යෑමට බලධාරීන් කටයුතු කරනු ඇති බවට විශ්වාස කරන බව ද සඳහන් කළා.

views

1114 Views

Comments

arrow-up