මහජන විරෝධතා හමුවේ අගමැති ඉල්ලා අස් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
03

මහජන විරෝධතා හමුවේ අගමැති ඉල්ලා අස් වෙයි

මහජන විරෝධතා හමුවේ අගමැති ඉල්ලා අස් වෙයි

අඛණ්ඩ විරෝධතා හමුවේ සූඩාන අග්‍රාමාත්‍ය අබ්දල්ලා හම්ඩොක් ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

 

පසුගිය ඔක්තෝබර් මාසයේදී සිදුවූ හමුදා කුමන්ත්‍රණයකින් ඔහු බලයෙන් පහකෙරුණද පසුව ඇතිකරගත් බලය හුවමාරු කිරීමේ ගිවිසුමක් යටතේ නැවතත් තනතුරට පත් කෙරුණා.

 

එහෙත් අගමැතිවරයාට එරෙහිව දිගින් දිගටම විරෝධතා පැවති අතර උද්ඝෝෂකයන්ගේ ඉල්ලීම වූයේ සූඩානය තුළ සිවිල් දේශපාලන නීතිය මුලුමණින්ම ස්ථාපිත කල යුතු බවටයි.

 

ඒ අනුවයි දිගින් දිගටම එල්ලවන මහජන විරෝධයත් සමග තනතුරින් ඉල්ලා අස්වීමට සූඩාන අග්‍රාමාත්‍ය අබ්දල්ලා හම්ඩොක් තීරණය කර ඇත්තේ.

views

928 Views

Comments

arrow-up