ඩොලර් මිලියන 480ක MCC දීමනාව අත්හිටුවයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
17

ඩොලර් මිලියන 480ක MCC දීමනාව අත්හිටුවයි

ඩොලර් මිලියන 480ක MCC දීමනාව අත්හිටුවයි

MCC ගිවිසුම හරහා ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 480ක දීමනාව අත්හිටුවීමට එහි අධ්‍යක්ෂ මණ්ඩල තීරණය කර තිබෙනවා

 

පසුගිය අඟහරුවාදා රැස් වූ MCC අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ ශ්‍රී ලංකාව සමග ඇති කරගත් එකඟතාවක් මත පස් අවුරුදු සැලැස්මක් යටතේ මෙරට ක්ෂේත්‍ර කිහිපයක යටිතල පහසුකම් දියුණු කිරීමේ කටයුතු වෙනුවෙන් අදාළ මුදල් පිරිනැමීමට අමෙරිකාව තීරණය කර තිබුණි.

 

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් අද දිනයේදී නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක ඒ බව සඳහන් කර තිබුණා.

 

ඉදීරි වර්ෂය සඳහා වන MCC ප්‍රදානයන් ලබා දෙන රටවල් සම්බන්ධයෙන් ද මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් එහිදී සිය අනුමැතිය ලබාදී ඇති අතර MCC අධ්‍යක්ෂක මණ්ඩලය විසින් සියරා ලියොන් රාජ්‍යය පස් අවුරුදු ප්‍රදාන වැඩසටහනක් සඳහා ඒකමතිකව තෝරා ගෙන ඇත.

 

 

 

 

 

views

728 Views

Comments

arrow-up