කරාපිටිය රෝහලේ විකිරණ අංශය තුලදී දැරියක් බරපතල ලෙස අපයෝජනය කළ දොස්තර අල්ලන්න පරීක්ෂණ
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
12

කරාපිටිය රෝහලේ විකිරණ අංශය තුලදී දැරියක් බරපතල ලෙස අපයෝජනය කළ දොස්තර අල්ලන්න පරීක්ෂණ

කරාපිටිය රෝහලේ විකිරණ අංශය තුලදී දැරියක් බරපතල ලෙස අපයෝජනය කළ දොස්තර අල්ලන්න පරීක්ෂණ

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකයේ විකිරණ අංශය තුළදී 15 හැවිරිදි දැරියක් බරපතළ ලෙස ලිංගික අපයෝජනය කළ බව කියන වෛද්‍යවරයකු සම්බන්ධව ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් විමර්ශනයක් ආරම්භකොට ඇත.



මෙම දැරියගේ මව විසින් ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත කරණු ලැබු පැමිණිල්ලකට අනුව විමර්ශනය ආරම්භ කොට ඇත. මෙම දැරිය රෝගී තත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා මවත් සමග ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්ව නේවාසික ප්‍රතිකාර ලබාගෙන සිට ඇත.

 

ඉකුත් 08 වැනි දින දැරිය ස්කෑන් පරීක්ෂණයක් සඳහා විකිරණ අංශය වෙත ගොස් ඇත.

 

ස්කෑන් පරීක්ෂණය සිදුකිරීමේ දී එහි සිටි සැකකාර වෛද්‍යවරයා විසින් මෙම දැරිය බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්කොට ඇති බව පොලිසිය පවසයි.
 


ස්කෑන් පරීක්ෂණයෙන් පසු දැරිය නේවාසිකව සිටින වාට්ටුවේදී තමන්ගේ රහස් ප්‍රදේශය රිදෙන බව මවට ප්‍රකාශකොට ඇත. ඒ පිළිබද මව දැරියගෙන් විමසා ඇත. එහිදී දැරිය මවට සියල්ල ප්‍රකාශ කොට ඇත. පසුව මේ පිළිබද රෝහලේ වාට්ටුවේ සිටි ප්‍රධාන වෛද්‍යවරයාටද පවසා ඇත.

 

පසුව මේ පිළිබද මව දැරියත් සමග පැමිණ ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණිලි කොට ඇත.

 

දැරියගෙන් මේ සිද්ධිය සම්බන්ධව පොලිසිය විසින් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.



සිද්ධියට සම්බන්ධ බව කියන සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක කපිල සේනාපති ද සිල්වා මහතා පවසයි.

 

තමන්ටද මෙවැනි සිද්ධියක් පිළිබඳ වාර්තාවී ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය එස් පී. යු. එම්. රංග මහතාගෙන් අප කළ විමසුමකදී පැවසීය.

 

මෙම සිද්ධිය සම්බන්ධව පොලිසිය මගින් ද පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බවත් ආයතන මට්ටමින් ද පරීක්ෂණයක් සිදුකරණ බව රෝහල් අධ්‍යක්ෂකවරයා පවසයි.

views

406 Views

Comments

arrow-up