දකුණේ පාන් මිල ඉහල ගියත් යාපනයේ පාන් මිල ඉහළ දමන්නේ නැහැ

යාපනයේ පාන් මිල රු. 300 දක්වා කිසිසේත්ම ඉහළ නොදමන බවත් පෙර සේම රුපියල් 200 බැගින් පාන් ගෙඩියක් අලෙවි කරන බවත් යාපනය දිස්ත්‍රික් බේකරි හිමියන්ගේ සමුපකාර සංගමයේ සභාපති කන්දසාමී ගුණරත්නම් පසුගිය 03 වනදා යාපනයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
පාන් නිපදවීමට අවශ්‍ය තිරිඟු පිටි ප්‍රීමා සමාගම විසින් මිල ඉහළ දමා නොමැති බව කී බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා තවමත් යාපනයේ බේකරි හිමියන්ට එම සමාගමෙන් තිරිඟු පිටි මිටියක් රුපියල් 12500 කට ලබා දෙන බවත් පැවසුවේය.
කොළඹ බේකරි හිමියන්ට වෙනත් සමාගම්වලින් හා ව්‍යාපාරිකයන්ගෙන් ලැබෙන තිරිඟු පිටිවල මිල ගණන් ඉහළ යෑම හෙතුවෙන් ඔවුන් පාන් ගෙඩියක මිල රුපියල් 300ක් දක්වාද සෙසු බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඊට සරිලන ආකාරයට ඉහළ දැමූවද යාපනයේ කිසිම පළාතක පාන් හා සෙසු බේකරි නිෂ්පාදන මිල ගණන් ඉහළ නොදමන බව යාපනයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් යාපනය දිස්ත්‍රික් බේකරි හිමියන්ගේ සමුපකාර සංගමයේ සභාපති කන්දසාමී ගුණරත්නම් පැවසීය.
365 Views
Comments