ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් අවස්ථානුකූලව විභාග කටයුතු සිදුකිරීමට සැලසුම්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
17

ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් අවස්ථානුකූලව විභාග කටයුතු සිදුකිරීමට සැලසුම්

ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් අවස්ථානුකූලව විභාග කටයුතු සිදුකිරීමට සැලසුම්

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ කිසියම් ප්‍රදේශයක යම් ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් එමගින් විභාග අපේක්ෂකයන්ට බලපෑමක් නොවන ආකාරයට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා කටයුතු සූදානම් කර ඇති බවයි.

 

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියා සිටියේ ඊට අදාළ පෙර සැලසුමක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව සකස් කර ඇති බවයි.

 

අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවුවහොත් ඊට මුහුණදීම සඳහා සැලැස්මක් සකස් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

2022 වසරට අදාළ අපොස සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 29 වන දින සිට ජූනි 08 වනදා දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

views

176 Views

Comments

arrow-up