මාර්තු 08 වැනිදා සිට අඛණ්ඩව වැඩවර්ජනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
27

මාර්තු 08 වැනිදා සිට අඛණ්ඩව වැඩවර්ජනයක්

මාර්තු 08 වැනිදා සිට අඛණ්ඩව වැඩවර්ජනයක්

බදු ප්‍රතිපත්තියට එරෙහිව මාර්තු මස 8 වැනිදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ.



වෛද්‍යවරු, ඉංජිනේරුවරු, විශ්වවිද්‍යාල ආචාර්යවරු ඇතුළු සියලු ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි වෘත්තීයවේදීන්  මෙම සන්ධානයට එක්ව සිටියි. සියලු ක්ෂේත්‍රවල වෙනත් වෘත්තීය සංගම් විසින් මාර්තු මස පළමුවැනිදා ක්‍රියාත්මක කරනු ලබන එක් දින සංකේත වැඩවර්ජනයටද මෙම සන්ධානය එක් වෙයි.



මෙම තීරණය ගෙන ඇත්තේ බදු ප්‍රතිපත්තිය සංශෝධනය කරගැනීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග පෙරේදා (25) පැවති සාකච්ඡාවෙන් පසුවය.



අද (27) දින සාකච්ඡාවක් පැවැත්වෙන අතර එම සාකච්ඡාවෙන් පසුව වෘත්තීය ක්‍රියාමාර්ගය නිල වශයෙන් ආණ්ඩුවට දැනුම් දෙන බව වෘත්තීයවේදීන්ගේ සන්ධානයේ නියෝජිතයෙක් ඊයේ (26) පවසා සිටී.

views

216 Views

Comments

arrow-up