දැරිය අතවර කල පියා සිය දිවි නසා ගනී

දෙමවුපියන්ගේ මතගැටුමක් හේතුවෙන් සිය පවුලෙන් වෙන්ව මිත්තණියගේ රැකවරණ මැද කල්ගෙවූ 14 හැවිරිදි බාලවයස්කාර දැරිය දූෂණය කල දැරියගේ පියා අධිකරණයට ඉදිරිපත්වීම ඇති බිය නිසා සියදිවි නසාගෙන ඇත.
වසර තුන හතරක කාලයක පටන් සිය පියා විසින් තමාට ලිංගික අතවර කරන බව දැරිය විසින් සිය මවට දැනුම් දීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණිලි කර ඇති අතර ඒ සම්බන්ධව පියා අත්අඩංගවට ගෙන පොලිස් ඇප ලබා ඇත.
අනතුරුව නිවසට පැමිණි සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් වීමට ඇති බිය හේතුවෙන් නියඟලා අල ආහාරයට ගෙන සිය දිවි හානිකර ගෙන තිබෙනවා.
25023 Views
Comments