පොලිස් නිලධාරීන් මෙන් පෙනී සිට කොල්ලකෑම් කළ කල්ලිය අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
14

පොලිස් නිලධාරීන් මෙන් පෙනී සිට කොල්ලකෑම් කළ කල්ලිය අත්අඩංගුවට

පොලිස් නිලධාරීන් මෙන් පෙනී සිට කොල්ලකෑම් කළ කල්ලිය අත්අඩංගුවට

පොලිස් නිලධාරීන් මෙන් පෙනී සිටිමින් විවිධ කොල්ලකෑම්වල නිරත පුද්ගලයින් තිදෙනෙකු වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙලෙස අත්අඩංගුවට පත් පිරිස කුරුණෑගල සහ වත්තල සේදවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර පොලිස් නිලධාරීන් ලෙස පෙනීසිටීම සඳහා සකස් කළ ව්‍යාජ හැඳුනුම්පතක් ඔවුන් සතුව තිබී සොයාගෙන ඇත.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ කොල්ලකෑම් සිද්ධි 17ක් සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි ලැබී තිබූ බවයි.

 

මොවුන් විසින් විවිධ පුද්ගලයින් තමන් පොලිස් නිලධාරීන් බව පවසා ඔවුන්ව අත්විලංගුවක් යොදා යම් ස්ථානයකට රැගෙන ගොස් ඔහු සතු රන් ආභරණ හෝ මුදල් කොල්ලකෑම සිදුකර තිබේ.

 

පොලීසිය සඳහන් කළේ ත්‍රිරෝද රථ රියදුරන් සහ යතුරුපැදිකරුවන් මොවුන්ගේ වැඩි වශයෙන් ඉලක්කවී ඇති බවයි.

views

815 Views

Comments

arrow-up