ඩිජිටල් සංචාරකයින් ආකර්ෂණයට ලංකාව පියවර ගනී

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්‍යංශය විසින් ආරම්භ කිරීමට නියමිත මෙම වැඩසටහන මගින් ඩිජිටල් සංචාරකයින් සදහා දිගුකාලීන වීසා බලපත්‍ර කාණ්ඩයක් හදුන්වා දීම සහ ඔවුන්ට හිතකර ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය සදහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
සංචාරක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාව කැබිනට් තීරණ ප්‍රකාශයට පත් කිරීමේදි, "ජීවනෝපාය සදහා ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන සහ සංචාරකයින් ලෙස ලොව පුරා සංචාරය කරන පුද්ගලයන් ඩිජිටල් සංචාරකයින් ලෙස හදුන්වන අතර ඔවුන්ට පහසුකම් සැලසීම සංචාරක කර්මාන්තයේ වර්ධනය වන ප්‍රවණතාවක්" බවත් තොරතුරු දක්වා ඇත.
මෙමගින් ශ්‍රී ලංකාවට විදේශ විනිමය වැඩිපුර උපයා ගැනීමක් ලබාගත හැකි බව ඔවුන් කියා සිටියි.
852 Views
Comments