ලංකා ධීවර සංස්ථාව ඩිජිටල්කරණය කිරීමේ පළමු පියවර දියත් කරයි

ලංකා ධීවර සංස්ථාව ඩිජිටල්කරණය කිරීමේ පළමු පියවර ලෙස දිවයින පුරා පිහිටි ලංකා ධීවර සංස්ථා මත්ස්‍ය වෙළෙඳසැල් වල ගනුදෙනු QR කේත ක්‍රමය මඟින් සිදු කිරීමට අවස්ථාව උදාකරමින් පාරිභෝගික ගෙවීම් සඳහා QR කේත ක්‍රමය හඳුන්වා දීම ඊයේ (13) සිදු කරන ලදී.
මෙය ගම්පහ ධීවර සංස්ථා අලෙවිසැල් පරිශ්‍රයේදී ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.
ලංකා ධීවර සංස්ථාව මෙම නව ගෙවිම් ක්‍රමවේදය SLT මොබිටෙල් සහ Lanka Qr එක්ව හඳුන්වා දී තිබෙන්නේ රාජ්‍ය ආයතන නූතන ඩිජිටල් ලෝකයට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීමේ නව වැඩපිළිවෙළට සමගාමීවය.
ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සිල්වා මහතා මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් මෙය දිගු ගමනක ඇරඹුමක් බව සඳහන් කළේය.
ධීවර සංස්ථාවේ සභාපති ඩී.වී. උපුල් මහතා, ධීවර සංස්ථාවේ සාමාන්‍ය අධිකාරි රුවින්ද ගුනරත්න මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී sltmobitel රන්මල් ෆොන්සේකා මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
221 Views
Comments