රඹුක පාසල අසලින් හමුවූ බල්ලන් සපාකෑ බිළිඳු මළ සිරුර

බල්ලන් විසින් අතපය කා දමා තිබූ බිළිඳු සිරුරක් රක්වාන පොතුපිටිය රඹුක පාසල ඉදිරිපිට මාර්ගයේ තිබී සොයාගත් බව පොතුපිටිය පොලිසිය කියයි.
පසුගිය 11 වනදා පස්වරුවේ මෙම සිරුර පිළිබඳව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාට ලැබුණු තොරතුරක් මත ඒ ගැන සොයා බලා පොතුපිටිය පොලිස් ස්ථානය දැනවත්කර තිබේ.
පොතුපිටිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඩබ්ලිව්. එන්. රංජිත් විජයගුණවර්ධන මහතා සඳහන් කළේ බිළිඳු සිරුරේ කොටස් බල්ලන් විසින් කා දමා ඇති බව පෙනීයන බවයි.
සිරුර පිළිබඳ රත්නපුර මහෙස්ත්‍රාත්වරයා විසින් මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය ඊයේ(12) සිදු කළේය.
රත්නපුර ශික්ෂණ රෝහලේදී අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණය පැවැත්වීමට නියමිත අතර ඉන් පසු මෙම සිරුරේ වයස ගැන නිශ්චිතවම පැවසිය හැකි බවත් පොලිසිය කියයි.
සිරුර ගෙනවිත් දැමුවේ කවුරුදැයි සොයා පොලිසිය පරීක්‍ෂණ සිදු කෙරෙන අතර ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ටද මේ ගැන දැනුම් දී තිබෙන අතර එමගින් බිළිඳු සිරුර ප්‍රසූත කළ මව සොයා ගැනීම සඳහා පොලිසිය පරීක්‍ෂණ සිදු කරයි.
736 Views
Comments