පී.සී.ආර් ප්‍රතිඵල එනවිට මෘත දේහය නිවසේ තැන්පත් කරලා - ඥාතීන්ට දුන් මෘතදේහය රෝහලෙන් යළි ගෙනයයි

මොණරාගල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 13 වනදා මියගිය පස්දරු මවකටිකොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණය වීමෙන් පසු මෘතදේහය නැවත මොණරාගල රෝහලට ගෙනැවිත් තිබේ.
ඔක්කම්පිටිය, මාලිගාවිල, මිණිපුරගම පදිංචි ඩී.එම්. බණ්ඩාර මැණිකා නමැති 75 හැවිරිදි පස්දරු මවක් 13 වැනිදා උදෑසන රෝහලේදී මියගොස් ඇත.
පී.සී.ආර්. පරීක්ෂණය සඳහා ඇගේ සෙම් සාම්පල යොමුකර තිබියදී රෝහල විසින් ඇයගේ මෘතදේහය ඥාතීන්ට භාරදී ඇත.
බුත්තල ප්‍රදේශයේ මල්ශාලාවක දේහයේ එම්බාම් කටයුතුකොට ඥාතීන්ට භාරදී ඇත.
එදින සවස පී.සී.ආර් වාර්තාව ලැබී ඇති අතර ඇයට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇතැයි එහිදී අනාවරණය වී තිබේ.
වහා ක්‍රියාත්මක වූ මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල 1990 සුවසැරිය ගිලන් රථයක් මගින් නිවසට ගොස් මෘතදේහය ආපසු රෝහලට ගෙනැවිත් තිබේ.
මෘතදේහය නිවසේ තැන්පත්කර තිබියදී ගම්වාසීන් සහ ඥාති හිතවතුන් විශාල පිරිසක් පැමිණ අවසන් ගෞරව දක්වා ඇත.
සෞඛ්‍ය උපදෙස් මත මියගිය කාන්තාවගේ අවසන් කටයුතු ඊයේ(14) මොණරාගල ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතව තිබිණි.
718 Views
Comments