ප්‍රියන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු සැඟව සිටියදී අල්ලයි

පාකිස්තානයේ සියල්කොට්හි කම්හලේ කළමනාකාර පි‍්‍රයන්ත කුමාර දියවඩන මහතාගේ ඝාතනය මෙහෙයවූ ප්‍රධාන අපරාධකරු වන ඉමිටියාස් හෙවත් බිල්ලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රාවල්පින්ඩි නිවසක සැඟවී සිටියදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර පි‍්‍රයන්ත කුමාර මහතාව ඝාතනය කරන දර්ශන ඇතුළත් වීඩියෝ පටයක් පොලිසිය සොයාගැනීමත් සමඟ බිල්ලි පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.
මෙම පුද්ගලයා විශාල මන්නයකින් පි‍්‍රයන්ත කුමාරට පහරදෙන දර්ශන එම වීඩියෝවේ දක්නට ලැබේ.
මේ අතර බිල්ලිගේ සහායක ආධිත්‍ය ඉප්තිකාර් නැමැත්තාද අත්අඩංගුවට ගෙන ඇතැයි පන්ජාබ් පොලිසිය පවසයි.
මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ගෙන් 17 දෙනෙක් පි‍්‍රයන්ත කුමාර ඝාතනයට සෘජුව සම්බන්ධ බව හෙළිව ඇති අතර ඔවුන් දින 15ක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
684 Views
Comments