නව මැනිං වෙළෙඳ සංකීර්ණයේ කුට් බෙදීම අසාධාරණයි - වෙළෙඳුන් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට

ජනාධිපති කාර්යාලය අසල අද විරෝධතාවයක් පැවැත්වුණා.
විරෝධතාවය සඳහා පැමිණ තිබුණේ කොළඹ කොටුව පැරණි මැනිං වෙළෙඳ පොළේ වෙළඳාම සඳහා යෙදී සිටි වෙළඳුන් පිරිසක්.
පැරණි මැනින් වෙළඳපොළ එම ස්ථානයෙන් ඉවත් කොට පෑලියගොඩ ඉදි කෙරුණු නව මැනිං වෙළෙඳ සංකීර්ණය සඳහා ගෙනයාමේදී ඔවුන්ට අසාධාරණයක් වූ බවයි විරෝධතාවයට එක්වූ වෙළඳුන් කියා සිටියේ.
අදාළ නව මැනිං වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳ කුටි අසාධාරණ ලෙස ලබාදුන් බවට වෙළඳුන් චෝදනා කරනවා.
ලබාදුන් වෙළඳ කුටිවල ප්‍රමාණය ආදී පිළිබඳ නිරීක්ෂණය කොට ඒ පිළිබඳව නැවත සලකා බලන ලෙස වෙළෙඳුන් ඉල්ලා සිටිනවා.
මේ විරාේධතාවය සඳහා කිසිදු දේශපාලන සම්බන්ධයක් නොමැති බව ද ඔවුන් ප්‍රකාශ කරනවා.
803 Views
Comments