මෙරට සිදු කළ PCR පරීක්ෂණ ගණන ලක්‍ෂ 8 ඉක්මවයි

මෙරට සිදුකෙරෙන කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීමේ පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව මේ වන විට අට ලක්ෂය ඉක්මවා ගොස් තිබෙන බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය පවසයි.
මේ අනුව ඊයේ (29දා) උදෑසන වන විට මෙරට සිදු කර තිබූ මුළු පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව අටලක්ෂ පහළොස්දහස් අටසිය අනූහතක් (815,897) වන අතර, ඉකුත් පෙබරවාරි 18 වැනිදා සිට පෙරේදා (28 දා) දක්වා කාලය තුළදී මෙම පරීක්ෂණ සංඛ්‍යාව සිදුකර තිබේ.
පෙරේදා (28) දිවයින පුරා සිදුකර ඇති මුළු පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 13,065කි.
772 Views
Comments