බන්ධනාගාර තුළ අදිසි හස්තයක් ක්‍රියාත්මක වෙනවා - රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

බන්ධනාගාර තුළ රජය අපකීර්තියට පත් කරන යම් යම් ක්‍රියාකාරකම් සිදු කිරීමට අදිසි හස්තයක් ක්‍රියාත්මක වන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
ඇය මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදිය. වත්මන් රජයේ ප්‍රතිපත්තිය විසින් මත්ද්‍රව්‍ය වැටලීම් වලට විශේෂ ප්‍රමුඛතාවය ලබා දී කටයුතු කිරීම හේතුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්, මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් විශාල පිරිසක් අද වන විට බන්ධනාගාර ගත වී තිබෙන බවත් බන්ධනාගාර තුළ 11,000 ක් පමණ රඳවා ගැනීමේ හැකියාව මේ වන විට 32,000 ක් පමණ දක්වා වැඩි වී තිබෙන බවත් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය
ඇය වැඩ්දුරටත් පැවසුවේ විශාල වැඩපිළිවෙලක් බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක වන බවයි.
738 Views
Comments