සෙඩ් එකේ යකා නැටූ මැරයන් අත්අඩංගුවට ගනී.
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
14

සෙඩ් එකේ යකා නැටූ මැරයන් අත්අඩංගුවට ගනී.

සෙඩ් එකේ යකා නැටූ මැරයන් අත්අඩංගුවට ගනී.

බේරුවල නගර මධ්‍යයේ අයී.ඕ.සී. ඉන්ධනපොළට වැගන් ආර් රථයකින් පැමිණි පුද්ගලයන් පස්දෙනකු, කිව්. අර්. කේතය නොමැතිව ඉන්ධන ලබාදෙන්නැයි කළ ඉල්ලීම ඉන්ධන හලේ සේවකයෝ පෙරේදා (12) රාත්‍රියේ ප්‍රතික්ෂේප කර ඇත.



ඒ සමඟ කාර් රථයෙන් පැමිණි මැර පිරිස එම සේවකයන්ට පහර දී දේපොළවලට හානිකර පලා ගොස් සිටියදී අද උදෑසන බේරුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.



සිද්ධියට සම්බන්ධ වයස 52,36, 28 හා 20 යන වයස්වල සැකකරුවන් පිරිස දර්ගා නගරය මීගම ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී බේරුවල පොලිසියේ ස්ථානාධිපති ලලිත් පත්මකුමාර මහතා සහ අපරාධ අංශ නිලධාරීන් එම කාර් රථය ද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.



මෙම සිද්ධියෙන් ඉන්ධනහලට සිදුවූ අලාභය මෙතෙක් ගණන් බලා නැති අතර ප්‍රහාරයට ලක් සේවකයෙකු කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.



සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලිසිය පුළුල් විමර්ශනයක් සිදු කරයි.

views

230 Views

Comments

arrow-up