OCT
09
පැරණි අමනාපය ඝාතනයකින් කෙලවර වෙයි

නාවලපිටිය ඉඟුරුඔය උතුර ප්‍රදේශයේ දී තුවාල සහිතව බිම ඇද වැටී සිටි යුවලක් නාවලපිටිය රෝහල වෙත ඇතුළත් කර තිබේ.
පසුව ඉන් එක් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහල වෙත මාරුකර යවා ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර එම පුද්ගලයා මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 48 හැවිරිදි පුද්ගලයෙකි.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පැරණි අමනාපයක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
ඝාතනය සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.
279 Views
Comments