දංඕවිට ප්‍රදේශයේ වෙඩි තැබීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
02

දංඕවිට ප්‍රදේශයේ වෙඩි තැබීමක්

දංඕවිට ප්‍රදේශයේ වෙඩි තැබීමක්

ගම්පහ දංඕවිට ප්‍රදේශයේ මත්පැන් අලෙවිසැලකට ඊයේ(01) රාත්‍රියේ වැගන් ආර් වර්ගයේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් එම අලෙවිසැල කොල්ල කා පලා යාමට තැත් කර තිබෙනවා.

එහිදී ලද තොරතුරකට අනුව පැමිණි පොලිස් නිලධාරීන් සහ කොල්ලකරුවන් අතර වෙඩි හුවමාරුවක් සිදුව ඇති අතර ඒ අසලින් ධාවනය වූ බස් රථයකටද වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙම වෙඩි ප්‍රහාරයෙන් බස් රථයේ ගමන් ගත් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ විසි නව හැවිරිදි කාන්තාවක්. 

views

215 Views

Comments

arrow-up