JUL
17
නීති විරෝධී ඩීසල් තොගයක් ළඟ තබාගෙන සිටි අයෙක් අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව ඩීසල් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු මුලතිව් මුල්ලියාවේලි ප්‍රදේශයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාල සැකකරුගේ නිවෙස පරික්ෂා කිරීමේදී එහි සඟවා තිබූ ඉන්ධන බැරල් හතරක් සොයාගෙන තිබූ අතර එහි ඩීසල් ලීටර් 830ක් පමණ තිබූ බවයි වාර්තා වන්නේ.
මෙම පුද්ගලයා වැඩි මිලට අලෙවි කිරීම සඳහා මෙම තෙල් තොග රැස්කර තබා ගන්නට ඇතැයි සැක පළ කරන අතර ඔහු මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
241 Views
Comments