DEC
25
බොල්ගොඩ ගඟට වැටුණු පුද්ගලයෙක් අතුරුදහන්

අද උදෑසන බොල්ගොඩ ගඟට වැටුණු එක්දරු පියකු අතුරුදහන් වී තිබෙනවා.
මෙම පුද්ගලයා පිලියන්දල මොරටුව කොස්පැලෑන පාලම මතින් මෙලෙස බොල්ගොඩ ගඟට වැටී තිබෙනවා.
මෙලෙස අතුරුදන්වී ඇත්තේ සිරිබර මැණිකේපුර ප්‍රදේශයේ වසන්ත ද සිල්වා නැමැති 46 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා මීට වසර හතරකට පමණ පෙර සිය බිරිඳගෙන් වෙන්ව ජීවත්වන අයෙකි.
ඔහු ඊයේ දිනයේදීද පාලම අසල ගැවසෙන දැක ඇති බව ඒ අවට වෙළෙන්දන් පවසනවා.
762 Views
Comments