අල්ලස් ගත් ජල සම්පාදනයේ සේවකයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
09

අල්ලස් ගත් ජල සම්පාදනයේ සේවකයෙක් අත්අඩංගුවට

අල්ලස් ගත් ජල සම්පාදනයේ සේවකයෙක් අත්අඩංගුවට

රුපියල් 4000ක් අල්ලස් ලෙස ලබා ගත් මැදගම ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සේවකයෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

 

මැදගම ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය මගින් ජල සැපයුම ලබා දීමට සැකකරු පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 ක් ඉල්ලා ඇති බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කලේය. 

 

ඉන් රුපියල් 1000 ක් සැකකරු මීට පෙර ලබා ගෙන ඇති අතර ඉතිරි රුපියල් 4000 ලබා ගන්නා අවස්ථාවේදී මැදගම ජල සම්පාදන හා ජල පවහන මණ්ඩලය අසලදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. 

 

සැකකරු බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

views

261 Views

Comments

arrow-up