විශ්වවිද්‍යාල පද්ධතියේ තත්ත්වය උසස් කිරීමට සියලු පියවර
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
11

විශ්වවිද්‍යාල පද්ධතියේ තත්ත්වය උසස් කිරීමට සියලු පියවර

විශ්වවිද්‍යාල පද්ධතියේ තත්ත්වය උසස් කිරීමට සියලු පියවර

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ අධ්‍යාපනය සම්බන්ධයෙන් පත්කර ඇති කැබිනට් කමිටුව මඟින් විශ්වවිද්‍යාල පද්ධතියේ තත්ත්වය උසස් කිරීමට අදාළ සියලු ගැටලු පිළිබඳ සලකා බලන බවයි.

 

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් CVCD විශිෂ්ටතා සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණ අතර එම අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

 

 

වසර දෙකකට වරක් ශ්‍රී ලංකා උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටුව විසින් සංවිධාන කරනු ලබන CVCD විශිෂ්ටතා සම්මාන උලෙළේ දී ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියේ විද්වතුන් විසින් පර්යේෂණ, නවෝත්පාදන සහ නව නිපැයුම් වෙනුවෙන් ලබාදෙනු ලබන කැපී පෙනෙන දායකත්වය හා ජයග්‍රහණ ඇගයීමට ලක්කෙරේ.

 

 

මෙම සම්මාන උළෙලේ දී වඩාත්ම කැපී පෙනෙන ජ්‍යෙෂ්ඨ පර්යේෂකයා, වඩාත්ම කැපී පෙනෙන තරුණ පර්යේෂකයා සහ වඩාත්ම කැපී පෙනෙන නව නිපැයුම්කරු යන කාණ්ඩ තුන යටතේ පිරිනමනු ලැබීය.

 

 

වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා සඳහන් කරන ලද්දේ, "ශ්‍රී ලංකාවේ රැඳීඉන්න ඔබ කැමතිද කියලා මං වර්තමාන තරුණ ප්‍රජාවගෙන් විමසුවම, ඔවුන්ගෙන් වැඩිදෙනා කියන්නේ නැහැ කියලා. එය මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය මුහුණදෙන බරපතළම අර්බුදය. ඒ වගේම ශ්‍රී ලංකාව මුහුණදිලා ඉන්න විශාල ගැටලුවේ එක කොටසක්. අපි කොහොමද අනාගතයට මුහුණදෙන්නේ ? අපි ඉන්නෙ කොතැනද ? මම විශ්වවිද්‍යාලේ යන කාලෙ, අපේ විශ්වවිද්‍යාල ආසියානු විශ්වවිද්‍යාල අතර ඉහළ තැනක තිබුණා. රජයේ විශ්වවිද්‍යාල කොහොමද පවත්වාගෙන යන්නේ, ඒවායේ උප කුලපතිවරයාට පහර දෙනවා නම් ? එහෙම වෙන්න බැහැ. අපි අධ්‍යාපනය සම්බන්ධයෙන් කැබිනට් කමිටුවක් පත්කළා. එමගින් සියලු ගැටලු සලකා බලන බවයි."

 

views

249 Views

Comments

arrow-up