MAR
10
සැකකටයුතු මළසිරුරක් පිදුරුතලාගල රක්ෂිතයෙන් හමු වෙයි

පිදුරුතලාගල රක්ෂිතයේ තිබී සැක කටයුතු ලෙස මියගිය පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබේ.
එම පුද්ගලයා ඊයේ උදෑසන පිදුරුතලාගල රක්ෂිතයට දර කැඩීමට ගොස් යළි නොපැමිණීම හේතුවෙන් ප්‍රදේශවාසීන් සිදුකළ සොයාබැලීමකදී ඔහුගේ මළසිරුර සොයාගෙන තිබේ.
මියගොස් ඇත්තේ 72 හැවිරිදි පුද්ගලයෙකු වන අතර මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා පොලිස් ආරක්ෂාව යටතේ සිද්ධිය වූ ස්ථානයේ පවතින බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සදහන් කර සිටී.
209 Views
Comments