චිත්‍රපටයක දර්ශන මවමින් බොනට්ටුව උඩට වැටුණු පුද්ගලයාත් අරන් මෝටර් රථය කිලෝ මීටර් එකහමාරක් ගිහින්

නිවසින් බැහැර කරන කසළ තොගයක් මහමග දමා යද්දී ඊට විරෝධය පළ කිරීමට පැමිණි පුද්ගලයෙකු අනතුරකට පත්කර පළා යමින් තිබූ මෝටර් රථයක් යතුරුපැදියක ගැටී තිබේ.
මෙම අනතුර සිදුකළ පුද්ගලයාව ඊයේ(3) උදෑසන අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය කියයි.
කසළ තොගය මහ මග දමා පලා යමින් තිබූ මෝටර් රථයට විරෝධය පළ කිරීමට ඉදිරියට පැමිණි පුද්ගලයාව හප්පා පලායෑමට සැරසෙද්දී එම පුද්ගලයා මෝටර් රථයේ බොනට් එක මතට පැන ඇත.
එහිදී බොනට්ටුව මත රැඳී සිටි පුද්ගලයාද රැගෙන මෝටර් රථය කිලෝ මීටර් එකහමාරක් පමණ දුරට ධාවනය කරද්දී යතුරුපැදියේ ගැටී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.
මෙම සිදුවීම චිත්‍රපටයක ස්වරූපයක් ගෙන තිබූ බව පොලිසිය කියයි.
කෙසේ වෙතත් එම අවස්ථාවේ දී මෝටර් රථය නවතා සැකකරු පලා යෑමට සැරසෙද්දී අසල්වාසීන් එක්ව අල්ලා මෙසේ පොලිසියට භාර දී, බොනට් එක මත රැදී සිටි 55 හැවිරිදි පුද්ගලයා බේරාගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගත් හබරකඩ මුල්ලේගම පාරේ පදිංචි (67) හැවිරිදි කුලී රථ රියැදුරා හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
272 Views
Comments