දකුණේ පාසල් දින 05 ම පැවැත්වේ.
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
24

දකුණේ පාසල් දින 05 ම පැවැත්වේ.

දකුණේ පාසල් දින 05 ම පැවැත්වේ.

දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා විසින් සඳහන් කරන පරිදි දකුණු පළාත් සභාවට අයත් සියලු රජයේ පාසල් හෙට (25) සිට සතියේ දින 05ම පැවැත්වේ.

 

අධ්‍යාපන අමාත්‍යාංශය පසුගිය දින තීරණය කළේ දිවයින පුරා පාසල් සතියට දින 03ක් පමණක් පැවැත්වීමටයි. 

 

කෙසේ වෙතත් විදුහල්පතිවරුන්, ගුරුභවතුන් සහ කාර්ය මණ්ඩලයට බලපෑමක් නොවන පරිදි මෙම තීරණය ගත් බවයි දකුණු පළාත් ලේකම්වරයා සඳහන් කරන්නේ.

 

මේ අතර ජනාධිපති විසින් ප්‍රවාහන අමාත්‍යවරයාට දුන් උපදෙස් අනුව පාසල් ළමුන් ප්‍රවාහනයේ යෙදෙන බස් සහ වෑන් රථ සඳහා ලංගම ඩිපෝ වලින් ඉන්ධන සපයා ගත හැකි බව පැවසේ.

views

239 Views

Comments

arrow-up