ගංජා හේන් දෙකක් ගිනිතැබූ මෙහෙයුම
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
24

ගංජා හේන් දෙකක් ගිනිතැබූ මෙහෙයුම

ගංජා හේන් දෙකක් ගිනිතැබූ මෙහෙයුම

තණමල්විල බඹරගල ප්‍රදේශයේදී නීතිවිරෝධී අයුරින් වගා කර තිබූ ගන්ජා හේනක් වැටලීමට විශේෂ කාර්ය බළකායේ බුත්තල කඳවුරේ නිලධාරීන් සමත් වී තිබෙනවා.

එහිදී අඩි තුනක් පමණ උසට වැවුණු ගංජා සහිත වගාවන් දෙකක් හමුවී තිබෙනවා.

මෙම වැටලීමේදී දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් වයස අවුරුදු 38 සහ 43 යන වයස්වල පසුවෙන්නන්.

අදාළ සැකකරුවන් තණමල්විල පොලිසියට භාරදී ඇති අතර ගංජා පැල දහයක් අධිකරණයට ඉදිරිපත් කිරීමට ගෙන සෙසු සියල්ල ගිනි තබා විනාශ කර තිබෙනවා.

views

300 Views

Comments

arrow-up