දේශසීමා වසයි - රට පුරා ඇදිරි නීතිය
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
28

දේශසීමා වසයි - රට පුරා ඇදිරි නීතිය

දේශසීමා වසයි - රට පුරා ඇදිරි නීතිය

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ නයිජර් රාජ්‍යයේ ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීමට කුමන්ත්‍රණය කළ කණ්ඩායම්වලට පක්ෂපාතී පිරිස් එරට ජනාධිපතිවරයාගේ පක්ෂ මූලස්ථානයට පහරදීම ආරම්භ කර ඇති බවයි.

 

 

වාර්තා වන්නේ පක්ෂ කාර්යාලයට ගල්මුල්වලින් පහර දෙමින් එය ගිනි තබා ඇති බවයි.

 

 

පක්ෂ කාර්යාලයේ පිටතින් නවතා තිබුණු වාහනවලටද ගිනි තබා තිබෙන බව සඳහන් වේ.

 

 

නයිජර් ජාතික රූපවාහිනියේ පෙනී සිටිමින් හමුදා කණ්ඩායම කියා සිටියේ නයිජර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බොසූම් බලයෙන් පහ කළ බවයි.

 

 

එරට හමුදාව නිවේදනය කළේ නජයිජර් රාජ්‍යයේ දේශසීමා වසා රට පුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක කළ  බවයි.

 

 

එරට සියලු ආයතනවල කටයුතු තවමත් ඇණහිට තිබෙන බව සඳහන් වේ.

 

 

views

252 Views

Comments

arrow-up