තෙල් ගැනීම සම්පූර්ණයෙන්ම ඉන්දියාවෙන් - කැබිනට්ටුව තීන්දු කරයි

ඉන්දීය අපනයන ආනයන බැංකුව විසින් සපයනු ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක කෙටිකාලීන ණය පහසුකම යටතේ සීමාසහිත ඉන්දියන් ඔයිල් කෝපරේෂන් සමාගමෙන් ඩීසල් සහ පෙට්‍රල් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
ඩීසල් සහ පෙට්‍රල් මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදන හතරක් සඳහා ලංසු කැඳවා තිබෙන අතර කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත සීමාසහිත ඉන්දියන් ඔයිල් කෝපරේෂන් සමාගමට කොන්ත්‍රාත්තුව ලබාදීම සඳහා විදුලිබල අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
630 Views
Comments